Ethera Api Group Team එකෙහි සියලු දෙනාගේ මහන්සියෙන් එළිදක්වපු ලස්සන, හදට එතෙර ඉදන් විදින දුක ගැන කියවෙන් විඩියොවකි. ඔයාලත් බලල එයාලා වෙනුවෙන් කොමන්ට් එකක්, ශෙයා පාරක් දාන්න..
හද ගැස්මට උත්තර බඳින්න
හිත් අස්සට එන දුක් නිවන්න
ආපස්සට දිවියේ නොයන්න
රන් විමනක් ආසයි තනන්න
Girl
දුක් වැස්සක සතුටෙන් තෙමෙන්න
මේ ඇස්වල කඳුලැලි මකෙන්න
නුඹෙ ලෝකය මල් මත තනන්න
රන් විමනක ආසයි නිදන්න
Boy
එතෙර අපි තනි වීලා...
දිරිය නිති දිය කරලා...
කාසි මලු පුරවාලා...
සිනහවෙන් ගැටගහලා...
Girl
හීන සියොළඟ තියලා...
ඉනු කඳුලු පිස දාලා...
අනන්තෙට පා කරලා...
හරිමි දුක එහි ලියලා...
Boy
නුඹ මුව නිති සිනහව මවන්න
රන් තැල්ලක් ආසයි බඳින්න
කුසගින්නක් නැහැ මට දැනෙන්න
ඒ බව නම් සත්තයි ඔන්න
Girl
මේ සුසුම් බර ඇයි කියන්න
ඔබෙ දෙපා පර මල් පුදන්න
මා හදේ රන් රුව දකින්න
මම එනවා ළඟදිම ඔන්න











