පරිගණකය සමග වැඩකරන ඔයාලට Teamviewer කියන මෘදුකාංගය නිතරම මුණ ගැහෙන දෙයක් නේ. ඒ ගැන දන්නැති කෙනෙක් නම්,
උදාහරණයක් : ඔන්න ඔයාගේ යාලුවගේ Desktop Computer එකේ හෝ Laptop පරිගණකයේ මොකක් හරි ගැටලුවක් ඇවිත් ඔයාට කෝල් කරල ඒ ගැන ඇහුවම, ඔයාට එයාගේ පරිගණකයට Internet එක හැහා ඇතුල් වෙලා remotely ඒක හදලා දෙන්න ඕනි වෙනවා.
අන්න ඒ වගේ දේකට බොහෝ දෙනෙක් භාවිතා කරන එක Remote Desktop Access Software එකක් තමා මේ TeamViewr කියන්නේ..
වැඩිදුර : https://www.teamviewer.com
කෙසේ උනත් ඒ මෘදුකාංගය නොමිලේ ලබා ගන්න නම් නැහැ, ඒත් බොහෝ දෙනෙක් එහි Crack ව්‍යාජ සංස්කරණ භාවිතා කරනවා.
ඉතිං අද අපි අලුතින් ගොනාවා ඒ දේම ඉතා පහසුවෙන් නොමිලේම කරගන්න පුලුවන් මෘදුකාංගයක්.
AnyDesk ඔව්. ඒක තමයි අද අපි ඔයාලට මේ ගෙනාව මෘදුකාංගය.
මෙය Windows , Linux , Android , IOS (Apple) , RespberryPI , FreeBSD වගේ ගොඩාක් OS වලට සහය දන්වන නිසා, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ කාර්යන් ඉතාම පහසුව මෙමගින් කරගන්න හැකිවේවි.