කවුද කියන්නේ, පෙම්වතිය සතුටු කරන්න අපහසුයි කියලා..??? ආදරය කරපු අය සමහරු හිතනවා පෙම්වතියව සතුටු කරන්න හරිම අපහසුයි කියලා. ඒත් එසේ සිතන අය කාන්තවන් වටහා නොගත් අය. කාන්තාවන් ඉතා සුළු දේවල්වලින් බොහොම සතුටු වෙනවා මෙන්ම ඉතා කුඩා දේවල්වලට හිත් අමනාපකම් ඇතිකරගන්නා බව වටහාගත් පිරිමි අල්පයි. එසේ වටහාගත් අය ඔවුන් ආසකරන කුඩා දේවල්වලින් ඔවුන්ගේ සිත් දිනාගන්න දන්නවා. එසේ සිත්දිනාගත හැකි ක්‍රම කිහිපයකුයි මේ ගෙන එන්නේ.. 1. පසුපසින් විත් හාද්දක් දීම මෙය සෑම අවස්ථාවකම කරන්න ගිහින් වැඩේ අනාගන්න එපා. ආදරේ බව පෙන්වන්න ඉඳලා හිටලා කරොත් තමා හොඳ.. 2. ඇයට උපරිමයෙන් සවන් දෙන්න. ස්වාභාවයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් මානසිකව පීඩනයට ලක්වෙනවා. ඉතින් ඔවුන් පෙලඹී තියෙන්නෙ තමන්ගෙ ප්‍රශ්න තමන්ට විශ්වාස පුද්ගලයෙක් එක්ක කතාකරන එකෙන් සිත සැහැල්ලු කරගන්න. ඉතින් ඔබේ සහකාරිය ඔබට ඇගේ ගැටලු කියනවා නම් ඔබ කරන වැඩෙන් මදකට ඉවත් වී මුළු අවධානයම ඇයට දෙන්න. ඇගේ ගැටලුව ඉතා සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් එය ඇයට මහමෙරක් වගේ වෙන්න පුළුවන්. ඔබ සවන්දීමට මැලිකමක් දැක්වීමෙන් වෙන්නෙ ඈ තමන්ට තවත් විශ්වාස කලහැකි පුද්ගලයෙක් වෙත ඇදී යන එකයි. එසේම ඈ පවසන සියලු ගැටලුවලට මැදිහත් වෙන්න හෝ පිලියම් සපයන්න යන්නෙපා. එය නොවේ ඇයට අවශ්‍යය. එසේ ගැටලුවක් නම් ඔබට එය වැටහේවි. එවිට ඇයට සහය වන්න. Email ThisBlogThis!Share to XShare to Facebook