
_______________________________________________________________
Hi.. යාළුවනේ.. කාලෙකට පස්සෙ ඔන්න අද මං ඔයාලට අළුත් ඇප් එකක් අරගෙන ආව..
මීට කලිනුත් මම මේ වගේ ඇප්ස් ඔයාලට හදුන්වල දීල තියෙනව
නමුත් මේ වෙද්දි ඒ අතරින් ගොඩක් ඇප්ස් වැඩ කරන්නෙ නෑ..
ඉතිං free calls ගන්න කව්රුත් කැමතියිනි 😀 .. මුලින්ම මේකෙ features ටිකක් බලල ඉමු..
 |
ඔයාලට දවසගානෙ free credits earn කරන්න පුවන්...(call සදහා අය වෙන්නෙ ඒ credits) |
 |
ලෝකෙ ඕනිම රටක , ඕනිම දුරකථන අංකයකට ඇමුතුම් ලබාගන්නත් පුළුවන් (ලෑන්ඩ් ලියින් වලට පවා) |
ආයුබොවන්..මම සාරාණාත්.. මුලින්ම සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.. සුභ පතනවා.. මේ දවස් වල Mobitel Sim බාවිතා කරන සමහර අය ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා තිබෙනවා... ඉතිං මේ ගැන මමත් හොයලා බැලුවා.. Mobitel ආයතනයෙන් විමසුවා.. හරි උත්මේතරයක් ලැබුනේ නැහැ.. ඉතිං ගැන Facebook එකේ පලවී තිබුණ විස්තරයක් ඔයාලට ගෙන්න සිතුවා.. මේ ඒ ගැනයි..
මේ වෙද්දී ලංකාවේ ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නේ අදුරන්නේ නැති පිටරට නම්බර් වලින් Missed Calls එන නිසා.මේ වෙද්දී ලංකාවේ ගොඩක් අයට මොසැම්බික් වගේ රටවල් වලින් Missed Calls ඇවිත් ඇති...ඇත්තටම මොකක්ද මේ වෙන්නේ මේක Wangiri scam කියලා හදුන්වන මුදල් වංචා කිරීමේ ක්‍රමයක්..ලංකාවේ අපිටනම් මේක හුරු පුරුදු දෙයක් නොවුනට මිට කලින් UAE,Nepal වගේ රටවල් වලින් මේ Scam එකට විශාල පිරිසක් ගොදුරු වෙලා තියනවා..
මොකක්ද මේ Wangiri scam කියන්නේ?
නමේ තේරුම සරලවම කිව්වොත් "One Ring Drop" කියන එක ජපන් භාෂාවෙන්..ඒ කියන්නේ දුර පිට රටක ඉදල වගේ Call එකක් එනවා ඒක Answer කරන්න වෙලාවක් දෙන්නේ නැතුවම එක පාරක් Ring වෙලා Cut වෙනවා..මෙන්න මේ එක පාරක් රින්ග් වෙලා කට් වෙනවා කියන තේරුමෙන් ජපන් වචනයක් තමයි Wangiri කියනනේ.
මේ scam එක ආරම්බ වෙලා තියෙන්නේ ජපානෙන්..ඒ නිසා තමා මේ වංචාවට මේ විදිහේ ජපන් නමක් වැටිලා තියෙන්නේ.
Wangiri scam එකෙන් වෙන්නේ මොනවද?
මේකෙන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්..premium-rate numbers කියලා ජාතියක් ගැන අහල තියනවද? මේ නම්බර්ස් වලට කෝල් එකක් ගත්තම වෙන නම්බර් එකකට වැඩිය ලොකු ගානක් කැපෙනවා..International නම්බර් එකකටනම් තවත් ලොකු ගානක්..විනාඩියට ඩොලර් 40 ක් 50 ක් වෙන්ඩත් පුළුවන්..ඉතින් මේ විදිහේ premium-rate numbers වලට එන calls වලින් ලොකු ගානක් කැපෙනවා වගේම ඒ සල්ලි වලින් ලොකු කොටසක් නම්බර් එකේ අයිතිකාරයට හිමි වෙනවා..
හිතන්ඩකො ඔයා ලග මොබිටෙල් සිම් එකක් තියනවා ඒකට එන හැම කෝල් එකටම මොබිටෙල් එකෙන් ඔයාට සල්ලි ගෙවනවා කියලා..පිස්සු වගේ නේ... ඉතින් එහෙනම් ඔයා මොකද කරන්නේ පුළුවන් තරම් නම්බර් වලට Missed Calls ගහනවා..එතකොට එයාල ඔයා කවුද කියලා බලන්න ආයේ ඔයාට කෝල් කරනවනේ..ඔන්න එතකොට් ඒ කෝල් කරන අයගෙන් ලොකු ගානක් කැපෙනවා..ඔයාට සල්ලි හම්බ වෙනවා..ඇත්තටම මේ විදිහේ premium-rate numbers පාවිච්චි කරන්න පටන් ගත්තේ මේ විදිහේ වංචා වලටම නෙමෙයි..මේ ක්‍රමය හරහා call එකකින් විවිද භාණ්ඩ අලෙවි කරන්න, එතකොට එක එක ආධාර එකතු කරන්න (ලංකාවෙත් මේ වගේ මිස් කෝල් එකක් ගහලා ආධාර එකතු කරා මට මතක විදිහට) වගේ වැඩ වලට තමයි මේ premium-rate numbers පාවිච්චි උනේ.
ඒ කොහොම උනත් දැන් මේ අන්තර්ජාතික වංචාකාරයෝ කරන්නේ කොහෙන් හරි premium-rate numbers අරගෙන දුර රටක Telephone Numbers ලිස්ට් එකක් හොයාගෙන (ගොඩක් වෙලාවට Dark Web එකෙන් Number ලිස්ට් සල්ලි දීලා ගන්න පුළුවන්) ඒ නම්බර් වලට Missed Calls ගහනවා..
ඉතින් කවුරු හරි මේක දැකල එක්කෝ තමන්ගේ යාලුවෙක් , පවුලේ කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා හරි එහෙම නැත්තන් පිට රටකින් තමන්ට මොකක් හරි දිනුම් ඇදීමක් වත් හම්බ වෙලා ඇති කියලා හරි ඒ නම්බර් එකට කෝල් කරාම ලොකු ගානක් කැපෙනවා..Prepaid නම් සල්ලි ටික කැපිල නතර වෙයි..එත් Postpaid නම් ලොකු අවුලක් වෙන්නේ..ලොකු ගානක් දන්නෙම නැතුව කැපිල තියෙයි..
බැරි වෙලාවත් answer කරොත්? Hack වෙයිද?
බැරි වෙලාවත් ඔයා මේ කෝල් එකක් Answer කරොත් වෙන්න පුළුවන් දේවල් තමා එක්කෝ එහෙමම cut වෙයි..එහෙම නැත්තන් ඔයා මොනවා හරි දිනලා තියනවා ඒක ගන්න කෝල් කරන්න කියලා හරි නැත්තන් සල්ලි දාන්න කියල හරි තවත් වංචාවකට ඔයාව අහු කරගන්න උත්සහ කරන්න පුළුවන්.ඒ වගේම Incoming Call වලටත් ලොකු ගානක් කැපෙන්න පුළුවන් .
ඔය වගේ වංචාවකට ඔයාව අහුකරගන්න එක හැරෙන්න වෙන විදිහේ අවධානමක් නම් නෑ. ඉතින් මේක තමයි මේ scam එකේදී වෙන්නේ..ගොඩක් දුරට ලංකාවේ මේ වෙද්දී වෙන්නෙත් මේකම තමයි..හැබැයි මේකෙන් කියනවා වගේ Phone එක hack වෙන්නෙවත් එහෙම නැත්තන් ඔයාගේ Contacts ලිස්ට් එක වෙන කාටවත් යන්නේවත් වෙන අවුලක් වෙන්නෙවත් නෑ..
Callback කරොත්?
කවුරු හරි මේකට ආයේ callback කරොත් ගොඩක් වෙලාවට Automated voice එකකින් මොනවා හරි ලස්සන වචන ටිකක් දාල මොනවහරි කියයි..පුළුවන් තරම් ඔයාව කෝල් එකේ තියාගන්න බලයි මොකද ඔයා call කරන වෙලාව වැඩි වෙන තරමට එයාට සල්ලි හම්බ වෙනවා වැඩියි.ඒ වගේම කලින් කිව්වා වගේ මොකක් හරි තෑග්ගක් ගැන හරි වෙන මොනවහරි වංචාකාරී දෙයක් කියලා bank account එකකට සල්ලි දාන්න වගේ දෙයක් කියන්නත් පුළුවන්.. දැනටමත් Missed Calls ආවද? දිගටම එනවද? එහෙනම් මොකද කරන්න ඕනේ? කිසිම වෙලාවක Unknown International Numbers වලින් එන කෝල් answer කරන්නවත් Missed Calls වලට ආපහු කෝල් ගන්නවත් එපා..දිගින් දිගටම එකම නම්බර් වලින් Missed Calls එනවනම් බ්ලොක් කරලා දාන්න පුළුවන්.. ලංකාවේ මේ වෙද්දී මොබිටෙල් නම්බර් වලට තමයි මේ Scam එක ගොඩක්ම බලපෑම් කරලා තියෙන්නේ..ඒකට හේතුව එක්කෝ මොබිටෙල් පාරභෝගිකයන්ගේ විස්තර මේ වෙද්දීත් කොහෙට හරි Leak වෙලා තියනවා වෙන්න පුළුවන්..කොහොම උනත් ලංකාවේ සන්නිවේදන ආයතන ඉක්මනටම මේ ගැන පියවරක් අරගෙන මේ වංචාවට වැට බදියි කියලා අපි හිතමු..එතකන් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න..බොරු බයක් ඇති කරගන්න ඕනේ නෑ.
~copied~ from FACEBOOK
Posted by : SARANATH ISHARA
පරිගණකය සමග වැඩකරන ඔයාලට Teamviewer කියන මෘදුකාංගය නිතරම මුණ ගැහෙන දෙයක් නේ. ඒ ගැන දන්නැති කෙනෙක් නම්,
උදාහරණයක් : ඔන්න ඔයාගේ යාලුවගේ Desktop Computer එකේ හෝ Laptop පරිගණකයේ මොකක් හරි ගැටලුවක් ඇවිත් ඔයාට කෝල් කරල ඒ ගැන ඇහුවම, ඔයාට එයාගේ පරිගණකයට Internet එක හැහා ඇතුල් වෙලා remotely ඒක හදලා දෙන්න ඕනි වෙනවා.
අන්න ඒ වගේ දේකට බොහෝ දෙනෙක් භාවිතා කරන එක Remote Desktop Access Software එකක් තමා මේ TeamViewr කියන්නේ..
වැඩිදුර : https://www.teamviewer.com
කෙසේ උනත් ඒ මෘදුකාංගය නොමිලේ ලබා ගන්න නම් නැහැ, ඒත් බොහෝ දෙනෙක් එහි Crack ව්‍යාජ සංස්කරණ භාවිතා කරනවා.
ඉතිං අද අපි අලුතින් ගොනාවා ඒ දේම ඉතා පහසුවෙන් නොමිලේම කරගන්න පුලුවන් මෘදුකාංගයක්.
AnyDesk ඔව්. ඒක තමයි අද අපි ඔයාලට මේ ගෙනාව මෘදුකාංගය.
මෙය Windows , Linux , Android , IOS (Apple) , RespberryPI , FreeBSD වගේ ගොඩාක් OS වලට සහය දන්වන නිසා, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ කාර්යන් ඉතාම පහසුව මෙමගින් කරගන්න හැකිවේවි.
අලුතින්.කොම් සමග දිගටම අප්ඩේට් හිටපු කෙනෙක් නම් ඔයාලා දැනටමත් Android වලට ස්ටීකර්ස් පහසුකම් සක්‍රීය කරගෙන ඉන්න කෙනෙක්.
ඒ ලිපිය නොකියපු කෙනෙක් නම් මෙතනින් ගිහිං ඒ ගැන කියවලා බලන්න. ඒ සමග අපි සිංහල Whatsapp Stickers එකතුවකුත් ඔයාලට ලබා දුන්නා. 😍😍
අද අපේ ලිපියෙන් ඔයාලව දැනුවත් කිරීමට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ, ඔයාලට ලංකාවේ පළවෙනියෙන්ම Whatsapp සිංහල Stickers එකතුවක් ලබා දුන්න NebuloApps ආයතනයයි.
ඒ ඔයාලට NebuloApps ආයතනයෙන් නොමිලේ ලබාදෙන අවස්ථාවක් ගැන ඔයාලව දැනුවත් කරන්න.
Whatsapp Stickers පහසුකම අත්විදපු කෙනෙක් නම් ඒ Feeling එක අපි වෙනම කියන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ වචනෙන් කිව්වොත්, ඒ ආතල් එක 😍 පට්ටනේ..
ඉතිං, ඒ Stickers අතරට, ඔයාගේම අතින් නිමවුන සිංහල Stickers එකතුවක් එකතුකරගන්නට අවස්ථාවක් ලැබුනොත්.???? නොමිලේම.. ඔව් පුලුවන්...
ඒ සදහා Stickers නිර්මාණය කරන ඔයාලට, අවස්ථාවක් ලබා දෙන්න NEBULO APPS සමාගම දැනටත් කටයුතු සූදානම් කරලයි තියෙන්නේ...
ඒ සදහා සුදුසුකම්,/??? 😐😐
වෙන කෙනෙක් පිනවන ආකාරයේ, ලස්සන Stickers හදන්න පුලුවන් කෙනෙක් නම්,
ඔව් ඔබ සුදුස්සෙක්. එපමණයි, නොපමාව අයදුම් කරන්න.
කොහොමද Apply කරන්නේ.???? 😇😇
ඒ සදහා ඔබ නිර්මාණය කල, Sample Stickers 5 ක් සමග ඔබ නිර්මාණය කිරීමට කැමති Stickers Category එකෙහි විස්තර සමග, එම සමාගමේ පහත ලිපිනයට Email එකක් යොමු කරන්න.
ඊමේල් : NebuloApps@gmail.com
එවිට NebuloApps කණ්ඩායම ඔබ හා සම්බන්ධ වී අවස්ථාව ලබාදෙනු ඇත.
ඒ ස්ටීකර්ස් වල කතෘ අයිතිය..??
අහා.. ඒ කතෘ අයිතිය ඔබටම ලැබෙනවා. ඔබගේ කතෘ විස්තර App එකෙහි මේ ආකාරයෙන් දිස්වේවි.
මේ සම්බන්ධව ඔබට කුමක් හෝ ගැටලුවක් තිබෙනම්, ඉහත ඊමේල් ලිපිනය මගින් විමසන්න. ඔවුන් ඔබ හා සම්බන්ධ වී පිළිතුරු ලබා දේවි.
ලංකාවේ පළවෙනිම වතාවට සිංහල එකතුවෙක් ලබාදෙමින්, මේ ආකාරයේ සේවාවක් ලබාදෙන NebuloApps කණ්ඩායමට අපගේ ප්‍රණාමය. ස්තූතියි.